අභාවප්රාප්ත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (18) සිදුකිරීමට නියමිතය.
බොරැල්ල පොදු සුසාන භූමියේදී ඉතා චාම් අයුරින් අවසන් කටයුතු සිදුකෙරෙන බවයි ඥාතීන් පැවසු අතර පස්වරු 2.30 දක්වා මහජන ගෞරවය සඳහා දේහය තලංගම දකුණ, සිංහපුර, අංක 35 දරන නිවසේ තවදුරටත් තැන්පත් කර තිබේ.