ජාතික හෙළ උරුමයේ පක්ෂ සභාපතිධුරයෙන් ඉවත්වූ ඕමල්පේ සෝභිත හිමියන් එම පක්ෂයේ උත්තරීතර සභාවට පත්කළ බව ජාතික හෙළ උරුමය නිවේදනය කළේය.
කෙසේ වෙතත් සමුළුව අමතමින් ඕමල්පේ සෝභිත හිමියන්, පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් වුවද රටේ ඒකීයභාවය සහ බුදු දහමේ ආරක්ෂාව වෙනුවෙන් සෑම අවස්ථාවකදීම පක්ෂය සමගින් පෙනී සිටින බවත්, පක්ෂයේ ගමන් මඟ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත් පැවැසූ බව එම පක්ෂය නිකුත් කළ නිවේදනයක වෙයි.