ජාතික හෙළ උරුමයේ නායක ඔමල්පේ සෝභිත හිමියෝ පක්ෂ සභාපතිධුරයෙන් ඊයේ (24දා) ඉවත්වූහ. ඒ ඊයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ජාතික හෙළ උරුමයේ සම්මේලනයේදීයි.
හැඩිගල්ලේ විමලසාර හිමි හා නියොජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා පක්ෂයේ සම සභාපතිවරුන් ලෙස පත්වූහ. ජාතික හෙළ උරුමයේ මහ ලේකම් තනතුර වෙනස් නොවීය. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරනු ඇත.