අපවත් වී වදාළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට රජය සැලසුම් කොට තිබේ. උන්වහන්සේගේ දේහය අද (08දා) රාත්‍රී 9.15ට පමණ දිවයිනට වැඩම වීමට නියමිතය.
පසුව දේහය ජයරත්න මල්ශාලාවට වැඩම කර හෙට (09දා) අලුයම 2.00ට පමණ උන්වහන්සේ වැඩ සිට කෝට්ටේ ශ්‍රී නාගවිහාරය වෙත වැඩම කරවීමට නියමිතය.