සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් අද (08දා) පෙරවරුවේදී බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙයි.
එහිදී විධායක ජනපති ධුරය අහෝසි කිරීම, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළ ක්‍රියාත්මක කිරීම හා මැතිවරණ ක්රමයේ වෙනසක් සිදුකිරීමට අදාළව අදහස් හුවමාරු වී තිබේ.
කෙසේ වෙතත් පසුව අදහස් දැක්වූ මාදුළුවාවේ සෝභිත හිමියන් සඳහන් කළේ පොදු අපේක්ෂකයා සම්බන්ධව සාකච්ඡා නොකළ බවයි.