සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරයේ නායක කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ අද අලුයම අපවත් වු බව ශ්‍රී නාග විහාරය සඳහන් කරයි. සිංගප්පුරුවේ මවුන්ත් එළිසබෙත් රෝහලේදී අද අලුයම 4.30 පමණ උන්වහන්සේ අපවත්වී තිබේ.
උන්වහන්සේට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා එරට විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනෙකු කටයුතු කළ අතර ඊට අමතරව උන්වහන්සේගේ සහයට ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්ද යොමුකර තිබුණි.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පසුගියදා ශ්‍රී ලංකාවේදී හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සැත්කමකට භාජනය කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ තත්ත්වය බරපතල වූ අතර, ඒ අනුව උන්වහන්සේව සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කළහ.
කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සදහා පසුගිය 03 වනදා රාත්‍රියේ සිංගප්පූරුවේ රෝහලක් වෙත ඇතුළත් කළහ.