මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් නොලැබෙන්නේ නම්, සොරකම් කර සිරගතව සිටින සියලු දෙනාද නිදහස ලැබිය යුතු බව දූෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.
සිරගතව සිටින පිරිස් සොරකම් කර තිබෙන මුදලට වඩා වැඩි මුදලක් බැඳුම්කර සිද්ධියෙන් සොරකම් කරගෙන තිබෙන බවද එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
සොරුන් පිළිබඳ බැඳුම්කර ජනාධිපති කොමිසමෙන් හෙළිව තිබියදීත් ඔවුන්ට ජනාධිපති ඇප හා අගමැති ඇප ලබාදෙමින් හොරුන් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය.