ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ විජය අමරතුංග මහතා අද දින සිට දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරට පත්කර ඇති අතර, අද (17 දා) මරදාන දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලයේදී හෙතෙම රාජකාරී ආරම්භ කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන් ජනතාවට විධිමත් ක්‍රමවත් හොඳ ප්‍රවාහන සේවාවක් ලබාදීමට කටයුතු කළ යුතු අතර, තමා දුම්රිය දෙපාර්තමේන්තුවේ දියුණුවට මිස පුද්ගලයෙකුගේ දියුණුව වෙනුවෙන් නොකටයුතුකරන බව නව සාමාන්‍යාධිකාරී විජය අමරතුංග මහතා මෙම අවස්ථාවේදී පැවසීය.