කොටදෙනියාව පොලිස් වසමේ බඩල්ගම අකරන්ගහදී පස් හැවිරිදි සේයා සදෙව්මි දැරියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ පසුවන අයි.පී. සමන් ජයලත් නමැත්තා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස නියෝග කළ මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරන මහතා, සැකකරු තවදුරටත් ලබන මස 07 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසද අද (16දා) නියෝග කළේය.
සැකකාර අයි.පී. සමන් ජයලත් නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි රැකවල් මැද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක එස්.එම්. පොල්වත්ත මහතා පෙනී සිටිමින් නීතිපති නියෝග ලැබෙන තුරු සැකකරු තවදුරටත් රිමාන්ඞ් බාරයේ තබන ලෙස ඉල්ලීය.
සැකකරු වෙනුවෙන් නීතිඥයෙකු පෙනී නොසිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මීනිමැරුම් විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක එස්.එම් පොල්වත්ත මහතා කරුණු දැක්වීය. මියගිය සේයා දැරියගේ මව පියා ඇතුළු පවුලේ ඥාතීන්ද අධිකරණයට පැමිණ සිටියහ.
මීරිගම කාන්ති