අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයෙකු වන එක්සත් සේනාරත්න විසින් බාලවයස්කාර දැරියක පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීමට අදාළව අමාත්‍යවරයාටත් එකී පුත්‍රයාටත් කොළඹ මහාධිකරණය හමුවේ ලබන මස 02 වැනිදා පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ.
අමාත්‍ය රාජිත සේනාරත්නගේ බාලපුත් එක්සත් සේනාරත්න පාසල් යන වයසේ පසුවන බාලවයස්කාර දැරියක පැහැර ගෙන ගොස් රඳවා තබාගෙන සිටින බවට ඇයගේ දෙමාපියන් අද කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකරඇති අතර, ඇමති රාජිත සේනාරත්න, ඔහුගේ බිරිඳ වෛද්‍ය සුජාතා සේනාරත්න, පුතුන් දෙදෙනා වන එක්සත් සේනාරත්න සහ චතුර සේනාරත්න ඇතුළු 14 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් කර තිබේ.