ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 38 වැනි ගුණානුස්මරණය අද (29දා) ට යෙදී තිබේ.
ඖෂධ ජාවාරම්කරුවන්ගෙන් රෝගී ජනතාව බේරාගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පුරෝගාමී වූ මහාචාර්ය සේනක බිබිලේ මහතා මීට 38 වසරකට පෙර අභිරහස් ලෙස මිය ගියේය.
මහාචාර්ය සේනක බිබිලේ මහතා හඳුන්වා දුන් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අදටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නැංවීමට නොහැකි වී තිබෙන නමුත් මේ වනවිට ලෝකයේ රටවල් සියයකට වැඩි ප්‍රමාණයක එය ක්‍රියාත්මක වන බවද මහචාර්ය සේනක බිබිලේ අනුස්මරණ පදනම සඳහන් කරයි.
කෙසේ නමුත් ලෝකයාටම ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතා සැමරීමටවත් ශ්‍රී ලංකාවේ වගකිව යුත්තන් කිසිවක් සිදුනොකරන බවද එම සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
අදට යෙදී තිබෙන 38 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් කොළඹ කොටුව ඉදිරිපිටදී සවස 04 ට විද්වත් කතිකාවක් පවත්වන බවත්, මීට අමතරව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බැනරයට අත්සන් ලබාගැනීමද සිදුකරන බවත් ඒ මහතා පවසා සිටියේය.