ශ්‍රී ලංකාවට පාරිසරික හා ආගමික සංවේදීතාවකින් යුත් සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ඉන්දියාවේ බලයට පත් වූ භාරතීය ජනතා පක්ෂ රජය ක්‍රියාත්මක නොකරනු ඇතැයි වාර්තා වේ.
මෙකී ව්‍යාපෘතිය මගින් උතුරු මුහුදේ ගැඹුර වැඩි කොට නව නැව් මාර්ගයක් ඉදිකිරීමට ඉන්දීය කොංග්රස් රජය 2004 වසරේදී තීරණය කරන ලදී.
එසේ නමුදු එම ව්‍යාපෘතිය කෙරෙහි එරට හා ශ්‍රී ලංකාවේ විවිධ පාර්ශ්ව මගින් විරෝධතා දක්වන ලදී. ඒ අතර එවකට විපක්ෂයව සිටි භාරතීය ජනතා පක්ෂයද වේ.මෙකී සංවිධාන හා ශ්‍රී ලංකාව ව්‍යාපෘතියෙහි ඇති පාරිසරික අවදානම හා ආගමික සංවේදීතාව මතු කළේය.