ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 71 වැනි මහා මණ්ඩල සැසියට එක්ව සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු අතර හමුවක් පැවැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙහිදී ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
එසේම ස්වීඩනයේ විදේශ කටයුතු අමාත්‍ය මාගොට් වෝල්ස්ට්‍රෝම් මහත්මිය, ඉතියෝපියානු විදේශ කටයුතු අමාත්‍ය ටෙඩ්රෝස් ඇඩ් හැනම් ගේබ්‍රියෙසස් මහතා, සර්බියාවේ පළමු වැනි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය අයිව්කා ඩැසිස් මහතා සමගද විදේශ කටයුතු අමාත්‍යවරයා ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.