සෙංකෝලය උදුරා ගැනීමෙන් බස්නාහිර ප සභාව උණුසුම්
අද පෙරවරුවේ පැවති බස්නාහිර පළාත් සභා සැසිවාරයේදී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් මූලාසනයේ තිබූ සෙංකෝලය උදුරාගැනීමට ගත් උත්සාහයක් හේතුවෙන් සභාව එකම කාලගෝට්ටියක් බවට පත්විය.
එම අවස්ථාවේදී විපක්ෂයේ හූ හඬ මධ්‍යයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනා සභාවෙන් ඉවත් වූ අතර, විපක්ෂ මන්ත්‍රීවරු තාවකාලික සභාපතිවරයෙකු පත්කරගෙන සභාව සුළු වේලාවක් පවත්වාගෙන ගියහ.
එක්සත් ජාතික පක්ෂයේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා විසින් මෙරට විදේශ තානාපති සේවය සම්බන්ධව ගෙනා යෝජනාවක් මුල්කරගෙන මෙම උණුසුම්කාරී තත්ත්වය හට ගත්තේය.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට හිතවත් පිරිස් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලඥයන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තානාපති සේවයේ රැකියා ලබාදීම නිසා විදෙස් සේවය කඩාවැටී ඇති බවත්, මේ නිසාම යුරෝපා සංගමය විසින් කොටි තහනම ඉවත් කර ඇති බවත්ය.
මේ අතර සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද අයිතිය අහිමි කර ඇතැයි පවසමින් එක්සත් ජාතික පක්ෂයේ හා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මන්ත්‍රීවරු කළු පටි පැලඳ සභාවට පැමිණ සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

