දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අද (5දා) සිට 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (5දා) දහවල් 12.13 ට බූස්ස, කඹුරුපිටිය සහ කන්දමෝදර යන නගරවලට හිරු මුදුන්ව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
මීට අමතරව, අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයින පුරාම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.