රෝහල්වල සේවය කරන හෙද නිලධාරිනියන්ට සූතිකාගාර පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් හෙද නිලධාරීන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අතර ඇතිව තිබෙන ගැටලු සහගත තත්ත්වය නිරාකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය තාක්ෂණික විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.
අදාළ පාර්ශ්ව කැඳවා ඔවුන්ගෙන් එම කාරණය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබාගෙන, එම ගැටලුව නිරාකරණය කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරි සති දෙකක් තුළ ඉදිරිපත් කරන්නැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය එම විශේෂඥ කමිටුවට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව, ඉහත කී විසඳුම් තුළ වෘත්තීය ක්‍රියාමාර්ගවලින් බැහැරව කටයුතු කරන ලෙස සියලු වෘත්තීය සමිතිවලින් සෞඛ්‍ය අමාත්‍යාංශය කාරුණිකව ඉල්ලා සිටින බවද පවසයි.