දිවයිනේ බොහෝ ප්‍ර‘දේශවල හා දිවයින වටා මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය හෙට (12දා) පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි නිසා ජනතාව හා නාවික, ධීවර ප්‍රජාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනිද්දා (13දා) දිනයෙන් පසු සුළඟේ වේගය ක්‍රමක් ක්‍රමයෙන් අඩු වී යනු ඇතැයි බලාපොරොත්තු වන බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ ජගත් කුමාර මහතා සඳහන් කළේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් බලාපොරොත්තු වන බවත්, එහෙත් මේ මස 13 සහ 14 යන දෙදින තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද ඔහු පවසා සිටියේය.
සුළඟේ වේගය ඉහළ යාම යටතේ කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරයේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 60 ත් 70 ත් දක්වා පවා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.