ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මිතා ස්වරාජ් වෙත බද්ධ කිරීම සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට බොහෝ ඉන්දියානුවන් සූදානමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
තමා වකුගඩු බද්ධ කිරීම සඳහා වූ පරීක්ෂණයකට යොමුව සිටින බව පවසා අමාත්‍යවරිය ට්විටර් පණිවුඩයක් යොමුකිරීත් සමග මෙසේ ඇය වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට බොහෝ දෙනෙකු ඉල්ලීම් කර තිබේ.
64 වැනි වියෙහි පසුවන සුෂ්මිතා කාලයක පටන් නිදන්ගත දියවැඩියා රෝගයෙන් පෙළී ඇති අතර, මෙම මස මුලදී දිල්ලි රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබාගෙන ඇති බවද වාර්තා වෙයි.
අගමැති මෝදි රජයේ වඩාත් ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් හොබවන ඇය, මෙසේ ට්විටර් පණිවුඩයක් යොමුකර ඇත්තේ සිය වකුගඩු අක්‍රීයවීමේ තත්ත්වයක් සමග හදිසි වෛද්‍ය පරීක්ෂණයන්ට යොමුකරන අවස්ථාවේදීය.
එහිදී, විදේශ අමාත්‍යවරියගේ ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාර දක්වා ඇති සමාජජාල පරිශීලකයන් තමන්ගේම වකුගඩුවක් සුෂ්මිතා වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සූදානම් වෙමින්, ඔවුන්ගේ පෞද්ගලික ජංගම දුරකථන අංක පවා ඇමතිනිය වෙත යොමුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.