ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් කොළඹ අක්ෂි රෝහල් පරිශ්‍රයේදී අද (02දා) දහවල් සංවිධානය කර තිබූ පෙත්සම් අත්සන් කිරීමේ ව්‍යාපාරයකට සේවක විරෝධතාවක් එල්ල විය.
එම කාර්යයට දායක වූ සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපතිවරයා එම ස්ථානයෙන් ඉවත්කරනතුරු පෙත්සම අත්සන් කිරීමට ඉඩ නොදෙන බව එම පිරිස පවසා සිටියහ.
කෙසේ වෙතත් සුවසේවා සංගමයේ සභාපතිවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු පෙත්සම අත්සන් කිරීමේ කාර්යය සිදුකෙරිණි. සියලු සේවක වැටුප් වැඩිකරන ලෙසත්, එල්ලා ඇති රාජ්‍ය සේවක දීමනා මූලික වැටුපට එකතුකරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම අත්සන් කෙරිණි.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු