ඉන්දියානු රජයේ ආධාර මත ක්රියාත්මක කෙරෙන සුවසැරිය ගිලන්රථ සේවාව හෙට(28දා) කොළඹ දිස්ත්රික්කයට හඳුන්වාදීමට නියමිතය.
ඒ අනුව අද දිනයේ පස්වරු 1.00ට නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්රික් ලේකම්කාර්යාල භූමියේදී මෙම ගිලන්රථ සේවාව දියත් කෙරෙන අතර, 1990 යන නොමිලයේඇමතුම් අංකය හඳුන්වාදීමටද නියමිතය.
රජයේ සංකල්පයක් අනුව ක්රියාත්මක වන නොමිලයේ ගිලන්රථ සේවා සැපයීමේ සුවසැරිය සේවාව මේවනවිට දකුණු පළාත තුළ සහ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්රික්කයේ ක්රියාත්මක වේ.
සුවසැරිය සේවාව හඳුන්වාදුන් දිස්ත්රික්කවල එම සේවාව ඉතා සාර්ථකව ක්රියාත්මක වන බව සුවසැරිය සේවා මූලස්ථානය සඳහන්කළේය.