කොළොන්නාවේ සුමංගල හිමියන්ට තායිලන්තයේ කඨින පිංකමකට සහභාගි වීම සඳහා විදේශගත වීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (20දා) අවසර ලබා දුන්නේය.අනවසරයෙන් අලි පැටියෙකු ළඟ තබාගෙන සිටි බව කියන සිද්ධියක සැකකරුවකු ලෙස නම් කොට සිටින කොළොන්නාවේ සුමංගල හිමියන්ට ඇප ලබාදීමේදී අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළකාලන නියෝගයක් නිකුත් කොට තිබිණි.
ඒ අනුව තායිලන්තයේ කඨින පිංකමකට සහභාගි වන ලෙස ආරාධනා ලැබී ඇති හෙයින් එම කඨින පිංකමකට සහභාගි වීම සඳහා අවසර ලබාදෙන ලෙසත්, ඒ සඳහා කොළොන්නාවේ සුමංගල හිමියන්ට ඇප ලබාදීමේදී විදේශගත වීම වළකාලමින් පනවා ඇති නියෝගය ලිහිල් කරන ලෙසත් උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියහ.
ඒ සඳහා අවසර ලබාදුන් මහේස්ත්රාත්වරයා කොළොන්නාවේ සුමංගල හිමියන්ට විදේශගත වීමට අවසර ලබාදුන් අතර, විදේශගත වීම වළකාලමින් නිකුත් කොට තිබූ නියෝගය තාවකාලිකව ඉවත් කොට ඇති බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම්දීමටද නියම කළේය.
ඇවන්ට් ගාඩ් මෙරිටයිම් සමාගමට වසර තුනක කාලයක් තුළදී අයුතු සහගත අනුග්රහයක් දැක්‘වීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදුකළැයි චෝදනා ලැබ සිටින ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට වසරක කාලයක් තුළ සිංගප්පූරුවේ හා ජර්මනියේ ප්රතිකාර ලබාගැනීම සඳහා විදේශගත වීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (20දා) අවසර ලබා දුන්නේය.
ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඔහුට ප්රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට හා ජර්මනියට යෑමට අවසර ලබාදෙන්නැයි කළ ඉල්ලීමක් සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරයා එලෙස අවසර ලබා දුන්නේය.රජයේ මුදල් කෝටි ගණනක් අවභාවිත කළැයි චෝදනා ලැබ සිටින පුද්ගලයෙකුට විදේශගත වීම සඳහා වසරක කාලයකට ඔහුගේ විදේශ ගමන් බලපත්රය මුදාහැරීමට අල්ලස් කොමිසමේ නිලධාරීහු දැඩි ලෙස විරුද්ධත්වය පළ කළහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා මේ වනවිට තබා ඇති ඇපයට අමතරව රුපියල් ලක්ෂ 50 ක් වටිනා ඇපකරුවන් තිදෙනෙකු සහිත අමතර ඇපකරුවන් තිදෙනෙකුගේ ඇප මත විත්තිකරුට විදේශගත වීමට අවසර ලබා දුන්නේය.එලෙස ඉදිරිපත් වන ඇපකරුවන් තිදෙනා බිරිඳ, බිරිඳගේ සහෝදරයා සහ විත්තිකරුගේ සහෝදරයා වියයුතු බවටද නියම කෙරිණි.