ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගෙන් ඉන්දීය රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලමින් පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීමට ඉන්දීය ධීවරයෙක් කටයුතු කර තිබේ.
සුබ්‍රමනියම් මහතා ඉන්දු - ලංකා ධීවර ප්රශ්නය පිළිබඳව කළ ප්‍රකාශක් මේ සඳහා පදනම් වී තිබේ.
ඔහු පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාව විසින් අත්අඩංගුවට ගනු ලබන ඉන්දිය බෝට්ටු නැවත ඉන්දියාවට භාරදීමෙන් වළකින ලෙසයි.
මේ ප්‍රකාශයට විරෝධතා දක්වන ආර්.සි. කුප්පන් නැමැති ධීවරයා අදාළ පැමිණිල්ල චෙන්නායි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කොට තිබේ.