ඉල් පුර පසළොස්වක පොහොය යෙදුණු ඊයේ (14) දිනයේදී පෘථිවි වාසීන්ට සුපිරි සඳක් (Super Moon) දැකගැනීමට අවස්ථාව උදාවිය.
වසර 68 කට පසු පෘථිවි වාසීන්ට උදාවූ මෙම අවස්ථාවේදී චන්ද්‍රයා 14% ක ප්‍රමාණයකින් විශාලව දිස්වූ අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකි විය.
මේ දුර්ලභ අවස්ථාව දැකගැනීම සඳහා ලෝකය පුරා ජනතාව සැදී පැහැදී සිටි අතර, ඔවුන් වෙරළ තීරවළ, උස් ගොඩනැගිලිවල සිට එය නැරඹූ බව විදෙස් වාර්තා පවසයි.
පෘථිවිය සහ චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කි.මී 384,400 පමණ වුවත්, ඊයේ (14දා) ග්‍රිනීච් වේලාවෙන් 11.21 පමණ වනවිට චන්ද්‍රයා හා පෘථිවිය අතර දුර කි.මී 356,509ක් තරම් ආසන්න විය.
මින් පෙර මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948 වසරේදී වන අතර නැවතත් මෙවැනි සුපිරි සඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ 2034 නොවැම්බර් මස 25 දින බව ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය පවසයි.
චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරන අතර එම ගමන් මාර් ගයේ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අවස්ථාවකදී එදින පුරපසළොස්වක පොහොය දිනයක් වුවහොත් මේ ආකාරයට චන්ද්‍රයා විශාලව දිස්වන බව පවසයි. එමෙන්ම මෙම අවස්ථාවේදී සූර්යයා පෘථිවිය සහ චන්ද්‍රයා යන ආකාශ වස්තූන් තුනම එකම රේඛාවක පිහිටයි. මේ වසරේදී අපට මෙලෙස හඳ විශාලව දිස්වන අවස්ථාවන් තුනක් උදාවන බවත්, ඒ ඔක්තෝබර් 16, නොවැම්බර් 14 සහ දෙසැම්බර් 14 වැනිදා වන අතර නොවැම්බර් 14 වැනිදා හඳ වැඩිපුරම විශාලත්වයෙන් දැකිය හැකි දිනය බවද ග්‍රාහලෝකාගාරය පවසයි.
චීනය
හොංකොං
ඇමෙරිකාව
නේපාලය
ඉන්දියාව
කසකස්ථානය
කාම්බෝජය
ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි වැසියන් සූදානමින්...