බස්නාහිර පළාත් සභාව මගින් හඳුන්වා දුන් සුපසන් ගුරු පවුර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ හෙට (04 දා) දින ප්‍රධාන අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ පිහිටි ලේකම් කාර්යාලයේ පැවැත්වෙන වන්දි ප්රදානය කිරීමේ උත්සවයට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහභාගී නොවන්නැයි දැන්වූ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ වෙනුවට වෙනත් විශේෂ නියෝජිතයෙකු සහභාගී කරන්නැයි ඔවුන්ට දන්වා යැවූ බව එම අමාත්‍යාංශයේ ලේකම් එම්.ඒ.බී. දයා සෙනරත් මහතා පැවසීය.
අනිද්දා (05 දා) උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එම කටයුතු පිළිබඳ සොයාබැලීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට විශේෂ වගකීමක් ඇති බැවින් මෙම තීරණයට එළඹි බවද ලේකම්වරයා පැවසීය.