සුනේත්රාදේවී පිරිවෙන් කඨින පූජෝත්සවයට ජනපති එයි
පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන් විහාරයේ කඨින පූජාව සහ අභිනවයෙන් ඉදිකළ වාහල්කඩ හා සම්මන්ත්රණ ශාලාව විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29දා) උදෑසන පවත්වා තිබේ.
උදෑසනින්ම විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතිපූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේ හමුවී ඇති අතර, උන්වහන්සේ ප්රමුඛ දායක සභාව විසින් ජනාධිපතිවරයා පිළිගෙන ඇත.
විහාරස්ථානයේ දායකයෙකු වන මහේල පෙරේරා මහතා සහ දිල්ෂානි විජේතුංග මහත්මිය විසින් අභාවප්‍රාප්ත තම මෑණියන් සිහිවනු පිණිස ඉදිකළ නව වාහල්කඩ ඵලකය නිරාවණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුව තිබේ.
මෙහිදී විහාරස්ථානයේ දායක විරාජ් කොඩිතුවක්ක මහතා විසින් කඨින චීවරය ජනාධිපතිවරයාගේ හිස මත තැන්පත් කර ඇති අතර, හේවිසි සහ වෙස් නැටුම් කණ්ඩායම් පෙරටු කො ජනාධිපතිවරයා විසින් කඨින චීවරය ධර්ම ශාලාව වෙත රැගෙන එනු ලැබ තිබේ.
මේ අතර, විහාරස්ථානය වෙනුවෙන් තැනුණු නව සම්මන්ත්රණ ශාලාව විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුව ඇත.
මහා සංඝරත්නය සහ මැති ඇමතිවරුන් මෙන්ම විහාරස්ථ දායක දායිකාවන් විශාල පිරිසක්ද මෙම පුණ්යෝත්වයට එක්ව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.








