www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන සුනිත්‍ය බලශක්ති ප්‍රදර්ශනය අද ( 28දා), 29, 30 යන තෙදින පුරා පෙරවරු 9.30 සිට රාත්‍රී 8.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණශාලාවේ නුගසෙවන පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙහිදී සූර්ය පැනල පද්ධති, සූර්ය පැනල වීදි ආලෝක පද්ධති, LED විදුලි පද්ධති, විදුලි යතුරු පැදි, විදුලි ත්‍රිරෝද රථ, විදුලි ස්විච් පද්ධති ආදී බොහෝ දේ ප්‍රදර්ශනය කෙරෙන අතර පාරිභෝගික ප්‍රජාවගේ සියලු බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවන පරිදි මෙය සංවිධානය කර තිබේ.
මෙම ප්‍රදර්ශනය සඳහා නොමිලේ සහභාගි විය හැකි අතරම, මෙහිදී සුවිශේෂි වට්ටම්, පහසු ගෙවීමේ ක්‍රම ආදිය යටතේ සූර්ය පැනලයක් ලබාගැනීමේ හැකියාව පවතින බව ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය දන්වා සිටියි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd