දිවයිනේ දිස්ත්‍රික්ක 14 ක් ආවරණය වන පරිදි අද (24දා) සවස 2.00ට සුනාමි පෙරහුරුවක් පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එහෙයින් මුහුදුබඩ දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාවට සුනාමි අනතුරු ඇඟවීම් ගැන බිය නොවන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
යාපනය, කිලිනොච්චි, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර, කොළඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම යන දිස්ත්‍රික්කවල මෙම සුනාමි පෙරහුරුව පැවැත්වෙයි.