ජාත්‍යන්තර සුනාමි අනතුරු ඇඟවීමේ පෙරහුරුවක් හෙට (07දා) ලංකාවේ දිස්ත්‍රික්ක 14 ක ස්ථාන 14කදී පැවැත්වෙන නිසා ජනතාව ඒ පිළිබඳ අවධානයකින් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
මේ නිසා සුනාමි පෙර සූදානම් වීමේ කටයුතු සිදුවන ස්ථාන අවට ප්‍ර‘දේශවල ජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඊයේ (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියානු කලාපීය සුනාමි ආපදා ඇඟවීමේ මධ්‍යස්ථානය හරහා පූර්ව අනතුරු ඇඟවීම සිදුකරන රටවල් 28කද මෙම පෙරහුරුව සිදුවන බවයි.
ලංකාව තුළ ජාත්‍යන්තරය සම්බන්ධ වී සිදුකරන පළමු පෙරහුරුව මෙය බවත්, මෙහිදී ගාල්ල ප්‍ර‘දේශයේ පාසලක් සම්පූර්ණයෙන්ම කෙටි කාලයකට ක්ෂණිකව ඉවත් කිරීමටද සැලසුම් කර තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අදාළ පෙරහුරුව සඳහා ඉන්දියානු කලාපීය සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අමතරව ඉන්දුනීසියාවේ හා ඔස්ට්‍රේලියානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානවලින්ද අනතුරු සංඥා නිකුත් කිරීමට නියමිත බවද ඔහු පවසා සිටියේය.
මෙහිදී ඉන්දුනීසියානු සාගරයේ 2004 සුනාමි ඇති වූ ස්ථානය තුළ භූමිකම්පාවක් සිදුවේය යන්න උපකල්පනය කරමින් මෙය ක්‍රියාත්මක වන බවත්, මේ සඳහා ත්‍රිවිධ හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් සහභාගි වන බවත් ඒ මහතා සඳහන් කළේය.
ක්ෂණිකව ජනතාව ඉවත් කරන ප්‍ර‘දේශවල ජනතාවගේ දේපොළ ආරක්ෂා කරදීම සඳහා පොලීසිය යොදවා තිබෙන බවත්, අනෙකුත් කටයුතු පොලීසිය, ත්‍රිවිධ හමුදාව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් එක්ව සිදුකරන බවත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
සුනාමි අනතුරු ඇඟවීම සඳහා රට තුළ ස්ථාපිත කර තිබෙන කුලුනු 77 තුළින් අනතුරු ඇඟවීම් සිදු කෙරෙන බවද ඔහු පවසා සිටියේය.
මේ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් කොමාරි, මාතර තොටමුණ, කිලිනොච්චිය පල්ලිකුඩා, මන්නාරම වැන්කලායි බටහිර, කොළඹ සමන්තපුර, ගාල්ල බලපිටිය රන්දොඹේ දකුණ, හම්බන්තොට සිසිලසගම, මඩකලපුව කොඩ්ඩිකඩාල් නැගෙනහිර, යාපනය උඩුත්තුරේ, කළුතර හෙට්ටිය කන්ද, මුලතිව් කෝකිලායි, ගම්පහ පෝරුතොට, පුත්තලම බරුදැල්පොළ සහ ත්‍රිකුණාමලය ඉලංගෙයිතුරේයිහිදී මෙම පෙරහුරුව සිදු කෙරේ.