ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් විසින් අත්පත් කරගෙන සිටින ටික්රිට් නගරය නැවත අල්ලා ගැනීම සඳහා ඇදුණු ඉරාක හමුදා නගරයේ පාලනය සියතට ගත් බව බී.බී.සී.ය පවසයි.
ඉරාක රජයේ රූපවාහිනිය උපුටා දක්වමින් බී.බී.සී.ය පවසන්නේ ටික්රිට් නගරාධිපතිවරයාගේ නිල නිවසද ඇතුළුව තවත් බොහෝ රජයේ ගොඩනැගිලි නැවත අත්පත් කරගනිමින්, සුන්නි ත්රස්තයන් 60කට වැඩි පිරිසක් මරා දමා ඇති බවයි.
කෙසේ වෙතත්, සුන්නි ත්රස්තයන් නගරයේ දැවැන්ත ප්රහාරයක් සිදුවන බව පැවසුවත් නගරයේ පාලනය ගිලිහී නොගිය බව පවසයි. ඔවුන් පවසන්නේ ප්රහාර එල්ල කිරීමට පැමිණි හමුදාවට ප්රහාර එල්ල කරමින් ඔවුන් සතු අවි ආයුද ද අත්පත් කරගනිමින් තමන් තවත් ඉදිරියට ඇදුණු බවයි.
ඊයේ දිනයේදී දහස් ගණනක් වූ ඉරාක හමුදාව යුද ටැංකි සහ ගුවන් හමුදාවේද සහාය ඇතිව ටික්රිට් නගරය නැවත අත්පත් කරගැනීමේ මෙහෙයුම ඇරඹීය.
ඒ අනුව, එරට රජයේ රූපවාහිනිය පවසන්නේ සම්පූර්ණයෙන්ම හමුදාව නගරයට ඇතුළු වී ත්රස්තයන් පාලනය කර ඇති බවයි. සෙසු සුන්නි කණ්ඩායම් නගරය අතහැර පලාගොස් ඇති බවද එහි පෙන්වා දෙන බව බී.බී.සී.ය කියයි.