උතුරුදිග ඉරාකය ඇතුළු එරට නගර රැසක බලය තහවුරු කරගෙන සිටින ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඉරාකයේ ෂියා දේවස්ථාන සුනුවිසුණු කරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් බී.බී.සී.ය ප්රසිද්ධියට පත්කර තිබේ.
බහුතර ෂියා මුස්ලිම්වරු ජීවත්වන ඉරාකය ආක්රමණය කරමින් සිටින සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් මීට පෙර ෂියා මුස්ලිම්වරු සමූල ඝාතනය කරන ඡායාරූප රැසක්ද හෙළිදරව් කෙරිණි.
ඒ ආකාරයෙන්ම ඔවුන් විසින් බලය තහවුරු කරගත් උතුරුදිග ඉරාකයේ ෂියා දේවස්ථාන මෙසේ විනාශ කරන ඡායාරූප සමාජජාල වෙබ් අඩවිවල වේගයෙන් පැතිර ගිය අතර, ඔවුන්ගේ ප්රචණ්ඩත්වයේ හා ක්රෑරත්වයේ තරම වඩාත් ප්රකට කරන අවස්ථාවක් ලෙස මේ ඡායාරූප හඳුන්වා තිබුණි.