බත්තරමුල්ල පරිපාලන නගරයේ කාර්යාල සඳහා සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්යාපෘතියමේ මස 18 වැනිදා සිට ක්‍රියාත්මක වන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ අනුව කාර්යාලයට පැමිණිමේ වේලාව පෙ.ව 7.30 සිට 9.15 අතර සහ පිටවීමේ වේලාව ප.ව 3.15 සිට 5.00 දක්වා ක්‍රියාත්මක වන අතර,පෙ.ව 9.15 සිට සිට ප.ව 3.15 දක්වා කාලය අනිවාර්යයෙන් කාර්යාලයේ රැඳී සිටිය යුතු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේ අද (12දා) අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
අධික ප්‍රවාහන තදබදය අවම කොට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, මාස තුනක් දක්වා ක්‍රියාත්මක වන මෙම නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල අනුව එය රටපුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීවේය.