සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හරහා ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුනඛ වන්ද්‍යාකරණ සැත්කම් කිරීම හරහා 2008 වසරට පෙර ලක්ෂ 30ට ආසන්නව සිටි මෙරට බලු ගහනය මේ වනවිට ලක්ෂ 25කට ආසන්නව අඩු වී ඇති බව මානුෂික ක්‍රම මගින් සත්ත්ව ගහන කළමනාකරණය සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ කැඳවුම්කරු පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා 'අද' ට පැවැසීය.
එසේම මේ වනවිට වන්ද්‍යාකරණ සැත්කම් කිරීම් ලක්ෂ 9ක් පමණ සිදුකර ඇති බවත් ඒ හරහා ජලභීතිකා රෝගය අවමකර ගැනීමට හැකිවූ බවත් හෙතෙම පැවැසීය.
කෙසේ වෙතත් සුනඛයන් වන්ද්‍යාකරණ සැත්කම් තුළින් ඡලභිතීකා රෝගය මිනිසුන්ට වැළඳීම අඩුවීමේ ප්රවනතාවක් පෙන්නුම් කළත් සමහර දිස්ත්‍රික්කවල එය සාර්ථක මට්ටමින් සිදුනොවීම අවදානම් බවත් වෛද්‍යවරයා පැවැසීය.
සුනඛ ගහනය පාලනය වීමත් සමග ජලභිතීකා එන්නත් කිරීම සඳහා වසරකට රජය මගින් වෙන් කළ මිලියන 600ක මුදල් ප්‍රමාණය මිලියන 285ක් දක්වා අඩුකර ගැනීමට හැකි වූ බවද චමිත් නානායක්කාර මහතා පැවැසීය.