ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිති කරගෙන දීප ව්‍යාප්තව සංවිධානය කර ඇති කොඩි අළෙවි සතියේ ප්‍රථම කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැළැදවීම අද (08දා) ජනාධිපති නිල නිවසේදී සිදුවිය.
මෙහිදී ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත සිල්වා මහතා විසින් ජනාධිපතිවරයාට ප්‍රථම කොඩිය පළදවනු ලැබීය.
දෘශ්‍යාබාධිත සහ සමස්ත ආබාධිත පුද්ගලයින්ට බලපාන ගැටලු සදහන් සංදේශයක් මෙම අවස්ථාවේදී එම මණ්ඩලයේ ලේකම් නුවන් ඉංදික මහතා විසින් ජනාධිපතිට පිළිගැන්වීම ද සිදුවිය.