2013 වසරේදී මාධ්‍ය හරහා බොහෝ සෙයින් ප්‍රචලිත වූ කොස්ගොඩ සුදු කැස්බෑවා සොරාගත් සැකකරු වසර තුනකට පමණ පසුව අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
බොරලැස්ගමුවේ පදිංචි සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව කැස්බෑ සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමටද පොලීසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 2014 වසරේදී මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන්අවශ්යව සිටි පුද්ගලයෙකු බවද පොලීසිය සඳහන් කරයි.