www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
පසුගිය රජය විසින් ජපන් සංස්කෘතික ආයතනය හෙවත් සසකාවා නම් රාජ්ය නොවන සංවිධානය වෙත පවරා දී ඇති සුදර්ශි ආයතනයේ (සිංහල සංස්කෘතික ආයතනය) ඉඩම නැවත ලබා නොදෙන්නේ නම්, අඛණ්ඩ විරෝධතාවක් දියත් කිරීමට කලාකරුවන් සූදානමින් සිටින බව සුදර්ශි ආයතනයේ සභාපති ජීවන් කුමාරතුංග මහතා පවසයි.
ඒ අනුව එළඹෙන 22 වැනිදා සුදර්ශිය ඉදිරිපිටදී සිසුන්, දෙමාපින් ඇතුළු කලාකරුවන් රැසක් එක්ව විරෝධතාවක් දියත් කිරීමටද කටයුතු යොදා ඇතැයි සභාපතිවරයා සඳහන් කරයි.
සුදර්ශිය, සසකාවා ආයතනයට පවරාදීමට විරෝධය පාමින් වූ සංස්කෘතිකමය මුහුණුවරක් ගත් විරෝධතා පා ගමනක් ඊයේ (18දා) සුදර්ශියේ සිට ජපන් තානාපති කාර්යාලය දක්වා දියත් කෙරුණු අතර, එහිදී කලාකරුවන් විසින් ශ්රී ලංකාවේ ජපන් තානාපතිවරයා වෙත විරෝධතා සංදේශයක්ද බාරදෙනු ලැබිණි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd