තමා අමාත්‍යාංශය නියෝජනය කරමින් හෝ රජය නියෝජනය කරමින් කිසිදු සුඛෝපභෝගී ජීප් රථයක් ඇණවුම්කර නොමැති බවත්, එවැන්නක් ලබාදෙන ලෙස රජයෙන් හෝ අමාත්‍යාංශයෙන් ඉල්ලීම් නොකළ බවත් නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය. මේසම්බන්ධයෙන් පළවන ප්රවෘත්ති අසත්‍ය බවත් එම කරුණු තරයේ ප්‍රතික්ෂේප කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තමාට හිමිවු තීරුබදු රහිත වාහන බලපත්‍රය භාවිත කරමින් රුපියල් ලක්ෂ අසූපහක මුදලක් වැයකරමින් වාහනයක් ගෙන්වූ බවත් එම කරුණ මෙලෙස වීකෘති කර දැක්වීම පිළිබඳව තමා කණගාටුවන බවත් ලාන්සා නියොජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
එම නිවේදනය පහත පරිදි වේ