සීමා නිර්ණය කිරීමේදී ඇතිවී තිබෙනා ගැටලු සහයෝජනා සාකච්ඡා කිරීම සඳහා හෙට (11දා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙහිදී සීමා නිර්ණය කොමිෂන් සභාව විසින් පත්කළ සීමා නිර්ණය ගැටලු සොයා බැලීමේ කමිටුවට ලැබී තිබෙන පැමිණිලි 525 සෑම දේශපාලන පක්ෂ නියෝජිතයෙකුටම ලබාදීමටත් එම ගැටලු සහ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමටත් නියමිතය.