මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුව සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාවේ කටයුතු අවසන් කිරීමට මාස දෙකක් ප්‍රමාණවත් බව ඉඩම් අමාත්‍යංශයේ හිටපු ලේකම් අශෝක පීරිස් මහතා පැවසීය. තාක්ෂණය එතරම් දියුණු නැති 1947 වසරේ පවා සීමා නිර්ණය සඳහා වැය වුයේ දින 96 ක් බව ය බවත් හෙතෙම පැවසුයේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අද(26) කොළඹ පදනම් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවකදීය