කොට්ඨාස සීමා නිර්ණය පිළිබඳ අභියාචනා කමිටුවේ ඉල්ලීමකට අනුව අභියාචනා විමර්ශන කාලය දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කළ බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්යෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කරයි. එහෙත් එමදිනට පෙර අභියාචනා විමර්ශන වාර්තාව තමාට ලබාදීමට කටයුතු කරන ලෙස එම නිවේදනය මගින් අමාත්‍යවරයා ඉල්ලා සිටියි.
එහි මෙසේද සඳහන් වේ, "සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාවේ කිසිදු ගැටලුවක් නැවත ඇති නොවීම සඳහා මෙලෙස කාලය ලබාදෙනු ලැබුවා. කඩිනමින් ලබාදෙන වාර්තාවක් මගින් මහජනතාවට සහ දේශපාලන පක්ෂ වලට නැවත වරක් සිදුවිය හැකි අසාධාරණය වළක්වාගැනීම මෙහි අරමුණයි.
එමෙන්ම සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාවේ කෙටුම්පත සියලුම දේශපාලන පක්ෂවලට ලබාදීමට කටයුතු කරන ලෙසද මෙම කමිටුවට උපදෙස්දී තිබේ."