ශ්‍රී ලංකාව සීනි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීමේ අරමුණෙන් ඒ සඳහා අවශ්‍ය උක් වගාව ප්‍රවර්ධනය කරනව කර්මාන්ත ශාලා 15 ක් ස්ථාපිත කිරීමේ කටයුතු සම්පාදනය කර ඇති බව මුදල් අමාතය රවි කරුණානායක මහතා පවසයි.
දිගු කාලීන සහ මැදි කාලීන වැඩපිළිවෙළ වශයෙන් දෙයාකාරයට ක්‍රියාවට නංවන මෙහි ප්‍රථම අදියර යටතේ 2020 වසර වන විට රටේ සමස්ත සීනි අවශ්‍යතාවයෙන් 50% ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයිද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.