සීඩී දෙනවනම් ප්ලේයරයකුත් දෙන්න
කාරක සභා අවස්ථාවේ විවාදයට ගන්නා අමාත්‍යාංශයන්ට අදාළ සංස්ථා, කාර්යාංශවල පසුගිය වර්ෂයට අදාළ කිසිම වාර්තාවක් පාර්ලිමේන්තුවට නොලැබී ඇති බවත්, මේ හේතුවෙන් කාරක සභා විවාදයට මන්ත්‍රීවරුන්ට දායක විය නොහැකි බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙහිදී නැගී සිටි අමාත්‍ය සාගල රත්නායත මහතා පැවසුවේ, අදාළ වාර්තා සියල්ල සී.ඩී. පට ලෙස ලබාදී ඇති බවයි. එවිට අනුර කුමාර මන්ත්‍රීවරයා පැවසුවේ සී.ඩී.පට ලබාදෙන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ මේස මත සී.ඩී. ප්ලේයරයක්ද සවිකරන ලෙසයි. එමෙන්ම අදාළ වාර්තා මුද්‍රණය කර පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇත්නම් ඒවා මන්ත්‍රීවරුන්ට ලබානොදීමට හේතුව කුමක්දැයි හෙතෙම විමසීය. කෙසේ වෙතත් හෙට සිට හෝ අදාළ වාර්තා මන්ත්‍රීවරුන්ට ලැබීමට සලස්වන ලෙස විපක්ෂ මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
