සීගිරිය නැරඹීමට පැමිණි පිරිසකට සිංහ පාදය අසලදී අද (15 දා) බඹර ප්රහාරයක් එල්ලවී තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
විදේශ ජාතිකයන් කිහිප දෙනෙකුද ඇතුළුව 30 දෙනෙකු මෙම ප්රහාරයෙන් තුවාල ලබා ඇති බවත්, ඔවුන් සීගිරිය හා දඹුල්ල රෝහල්වලට ඇතුළත් කර තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අධික සුළං තත්ත්වය හේතුවෙන් බඹරුන් ඇවිස්සී මෙසේ පහර දෙන්නට ඇති බවට අනාවරණය වී තිබෙන බවද පොලිස් මූලස්ථානය පවසා සිටී.