නීති විරෝධී රැස්වීම්වලට සම්බන්ධ වූ බවට පැමිණිල්ලක් ලැබුණහොත් ඇප අවලංගු කොට රිමාන්ඩ් භාරයට පත්කරන බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා සිහල රාවයේ නායක අක්මීමණ දයාරත්න ඇතුළු හිමිවරුන් සිවුදෙනෙකුට තරයේ අවවාද කළේය.
අගමැති කාර්යාලයට ගොස් උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන අතරතුර, අද (30දා) පෙරවරුවේ අධිකරණයට පැමිණ භාර වූ හිමිවරුන්ට ඇප නියම කරමින් ප්රධාන මහේස්ත්රාත්වරයා එලෙස අවවාද කළේය.
නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වූ හිමිවරුන් රුපියල් 25,000/- බැගින් වූ පෞද්ගලික ඇප මත මුදාහළ මහේස්ත්රාත්වරයා එලෙස අවවාද කළේය.