සිහල රාවය සංවිධානය විසින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය ඊයේ (19දා) රාත්රියේදී අවසන් කෙරිණි.
ගව ඝාතනය නැවැත්වීමට අදාළ ක්රියාමාර්ග ගන්නා බවට ජනපති මහින්ද රාජපක්ෂ මහතා උපවාසයේ නිරත වී සිටි හිමිවරුන්ට ලිඛිතව දැනුම්දීමත් සමග එම හිමිවරු උපවාසය අත්හළහ.
ඊයේ (19දා) රාත්රියේදී ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරුන් කිහිපදෙනෙකු උපවාසය පැවැති ස්ථානයට පැමිණ ජනාධිපතිවරයාගේ තීරණය දැනුම් දී ඇති අතර, ඒ සඳහා මාස 06 ක කාලයක් ලබාදෙමින් හිමිවරු උපවාසය අත්හැරියහ.