අනුරාධපුර නගරයට අතිරේක පංතිවලට සහභාගී වීමට පැමිණෙන සිසුන්ට තර්ජනය කර කප්පම් මුදල් ලබාගත් තරුණයෙකු උතුරු මැද පළාත් විශේෂ ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී පිරිසක් විසින් ඊයේ (20දා) සවස අනුරාධපුර නව නගර බස් නැවතුම්පොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෛත්රීපාල සේනානායක මාවත, නව නගරය, අනුරාධපුර ලිපිනයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි. සැකකරු කහටගස්දිගිලිය, හොරොව්පොතාන, ගලෙන්බිඳුණුවැව වැනි ප්රදේශවල සිට අ.පො.ස (උ.පෙළ) සහ අ.පො.ස (සා.පෙළ) විභාග සඳහා මුහුණදීමට අතිරේක පංතිවලට සහභාගී වන සිසුන් බිය ගන්වා පහර දී ඔවුන් සතු මුදල් කප්පම් වශයෙන් ලබාගන්නා බව විමර්ශන ඒකකය අනාවරණය කරගෙන ඇත.