මාවනැල්ල පාසලක සිසුන්ගේ කරේ එල්ලලා තියෙන වැරදි කළ විට කොටු කපන කාඩ් බොඩ් කැබැල්ල නිසා සිසුන් මානසික වශයෙන් විශාල පීඩනයකට ලක්වී ඇතැයි එම පාසලේ දෙමාපියෝ පවසති.
එම පාසලේ ප්රාථමික අංශයෙන් මෙම වැඩසටහන ක්රියාත්මක කරන අතර දෙවැනි වසරේ සෑම පන්තියකම මෙම වැඩසටහන ක්රියාත්මක කරයි. ගුරුවරුන්ට පොල්ගොල්ලේ පැවත්වු ගුරු පුහුණුවකදි ළමුන්ගේ විනය ක්රියාත්මක කරන්නට සිදුකරන ලද ප්රායෝගික ක්රියාකාරකමක් වශයෙන් මෙම ක්රමය හඳුන්වා දුන් බව පාසලේ ප්රාථමික අංශයේ ගුරුවරුන් පැවැසූහ.
මාවනැල්ල සමන් විජය බණ්ඩාර