යාපනය විශ්වවිද්‍යාලයේ සිදු වූ ගැටුම පිළිබඳව සත්‍ය පවසනවා වෙනුවට බොහෝ දෙනා එම තත්ත්වය උග්රවන ආකාරයේ කටයුතු කරන බවත් මේ හේතුවෙන් දකුණේ ජනතාව මෙන්ම උතුරේ ජනතාවත් කැළඹීමට පත්ව ඇති බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මේ බව කීවේය.
අපේ රටේ සම්මත පිළිගත් සංහිඳියා ප්‍රතිපත්තියට මේ සිදුවීමෙන් මහත් කැලලක් ඇතිවුණා. ඒවගේම මහත් බාධාවක් සිදුවුණා. දැනටමත් උතුරේ ඒ ප්‍රවෘත්තිය විකාශය වෙන්නේ දකුණේ හමුදාව විසින් මෙහෙයවන ලද සිංහල සිසුන් පිරිසක් විසින් ද්‍රවිඩ සිසුන්ට පහරදීමක් කළා කියලයි. ඒසම්බන්ධයෙන් ප්‍රකාශ පවා නිතුත් කර තියෙනවා.
අනිත් පැත්තෙනුත් ඒවගේම ප්‍රකාශ සිදුවෙනවා. එතකොට මේ දෙපැත්තම කැළඹිලා. දකුණත් උතුරත් දෙකම කැළඹිලා. නමුත් සත්‍ය සහ මෙයට ගතයුතු පියවර ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒවෙනුවට කතා කරන්නේ එම තත්ත්වය තවත් උත්සන්න වෙන ආකාරයේ කතා බහ. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග දෙකතක් අරගෙන තිබෙනවා. එකක් තමයි විශ්වවිද්‍යාල මට්ටමින් කමිටුවක් පත්කර තියෙනවා මේ කාරණය හොයාබලා නිසි පියවර ගන්න කියලා.
රටක නීතිය හා සාමය ආරක්ෂා විය යුතුයි. මේ සිදුවීමෙන් සිසුන් තුවාල ලබා තිබෙනවා. ඔවුන් රෝහල් ගතකර තිබෙනවා. ඒනිසා එයට අව්‍යශ්‍ය නීතිමය ක්‍රියාවලිය සිදුවිය යුතුයි. වැරදිකරුවන් නීතිය ඉදිරියට පැමිණ විය යුතුයි.
එය ජාති, කුල, මල ආදියෙන් බැහැරව එය සිදුවිය යුතුයි. යැයි වැඩිදුරටත් පවසා සිටියේය.