විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලට පැමිණි උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා (එච්.එන්.ඩී.ඊ) සිසුන් විසුරුවා හැරීමට අදාළව පොලීසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙන නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා විසින් පොලිස්පති වෙත දන්වා යවා තිබේ.
එම වාර්තාව ලැබුණු පසු ඊට අදාළ පියවර ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අමාත්‍යවරයාගෙන් පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා ඇත.