භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්ව විද්‍යාලයට පැමිණ සිවුරුහැර යන පුද්ගලයන් විශ්වවිද්‍යාලවලින් නෙරපීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසීය.
ගමේ පන්සලේ සිට විශ්වවිද්‍යාලය දක්වා පැමිණි භික්ෂුව ඉන් පිට වෙද්දී ද ගෞරවය රැකෙන පරිදි හැසිරීම අවශ්‍ය බව අමාත්‍යවරයා සඳහන් කළේය.
හෝමාගම ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පැවති නවක භික්ෂුන් වහන්සේලා ඇතුළත් කර ගැනීමේ උත්සවයේදී හෙතෙම මෙම අදහස් දැක්වීය.
“ භික්ෂු අධ්‍යාපනයට වෙනම විශ්වවිද්‍යාල පිහිටුවා තිබෙන්නේ එදා පැවති ජාත්‍යන්තර බෞද්ධාගමික පුනරුදය නැවත රට තුළ ඇතිකරන්නයි. බුද්ධශ්රාවක භික්ෂු විශ්වවිද්‍යාලයෙන් අප බලාපොරොත්තු වන්නේ ගමේ සිට කටුක ගමනකින් පැමිණෙන භික්ෂුව උගත්, බුද්ධිමත් කෙනෙක් කරලා ගමේ පන්සලට, ප්‍රදේශයට වගේම රටට සේවයක් කරන්නට සුදුසු තත්ත්වයට පත්කරන එකයි. එහෙම නැතුව විශ්වවිද්‍යාලයට ඇවිත් සිවුරු අතහැර යන තත්ත්වයට පත් වුණොත් ඒ අය විශ්වවිද්‍යාලයෙන් නෙරපන්න අපට සිදුවෙනවා" යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.