ශ්‍රීලංකා නැව් සංස්ථාව සඳහා මිලදීගත් දෙවැනි නෞකාව වන සිලෝන් ප්‍රින්සස් නෞකාව හෙට(05දා) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතය.
ගල්අඟුරු ටොන් 61,000 ක් රැගෙන දකුණු අප්‍රිකාවේ සිට මවුරටට පැමිණෙන සිලෝන් ප්‍රින්සස් නෞකාව පිළිගැනීම සඳහා වරාය හා නාවික අමාත්‍යාංශය පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබේ.
නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සැපයීම සඳහාම මෙම නෞකාව නිෂ්පාදනය කර ඇති අතර, ශ්‍රී ලංකා නැව් සංස්ථාව මේසඳහා නෞකා 02 ක් නිෂ්පාදනය ආරම්භ කරන ලද්දේ 2014 වර්ෂයේදීය.
මෙම නෞකා ද්විත්වයම චීනයේදී නිෂ්පාදනය කර ඇති අතර, එහි පළමු නැව වන සීලෝන් බ්‍රීස් නෞකාව පසුගිය මාර්තු මාසයේදී මෙරටට පැමිණියේය. ඒ අනුවදෙවැනි නෞකාව වන සිලෝන් ප්‍රින්සස් මෙලෙස හෙට දිනයේදී කොළඹ වරායටසේන්දුවීමට නියමිතය.